Tamil English (United Kingdom)
සුවසැරිය(Health Net)
ඔබ මෙතනයි : මුල් පිටුව නිතර අසන ප්‍රශ්න

#|0-9 | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |

නිතර අසන ප්‍රශ්න

1. ඇදුම යනු කුමක්ද?

ඇදුම යනු පෙනහළුවල කුඩා වානාල වලට බලපාන තත්ත්වයකි. ඇදුම ඇති රෝගින්ගේ විටෙන් විට වානාල හැකිලෙන අතර හැකිලෙන ප්‍රමාණය හා හැකිලී ඇති කාලය විශාල ලෙස වෙනස් විය හැක.

2. කාටද බලපාන්නේ?

ඇදුම රෝගය ඕනෑම වයසක ආරම්භ විය හැක. නමුත් ළමුන්ගේ සුලභය. ඇදුම රෝගය පවුල් වලින් පැවතේ.

3. ඇදුමට හේතු වනුයේ කුමක්ද?

ඇදුම රෝගයට හේතු වනුයේ වානාල වල ප්‍රදාහයයි. වානාල ප්‍රදාහය හෝ ඉදිමුම විවිධ කරුණුවලට ඉතාමත් සංවේදී කරයි. සිගරට් දුම, දූවිලි ගුල්ලන්, ශව්‍යනාල වයිරස් ආසාධන, මදුරු දගර, දර පිළිස්සීමෙන් වන ගෘහාශ්‍රිත වායු දූෂණය, බිත්තිවල ඇති කැරපොත්තන්ගේ නිදර්ශන, ආර්ද්‍රතාවය යන පාරිසරික කරුණු ඇදුම තත්ත්වය වැඩි කරයි. මානසික ආතතිය හා ඉක්මණින් ප්‍රතිජීවන භාවිතයද, ඇදුම වැඩි කිරීමට ඉවහල් වේ.

මල් රේණු, දුම හා රසායනික ද්‍රව්‍යය ඇදුම රෝග ලක්ෂණ වැඩි කරයි. සුරතලයට ඇති කරන කුරුල්ලන්, ලව් බර්ඩ්ස්, පරවියන් ඇදුම තත්වය ඉතාම වැඩි කරයි.

සමහර ආහාර වර්ගද, ඇදුම ප්‍රේරණය කරයි. ව්‍යයාම නිසා ඇති වන ඇදුම බොහෝවිට පිළිබිඹු කරනුයේ ප්‍රතිකාර කල ඇදුමය.

4. රෝග ලක්ෂණ මොනවාද?

අඩු මට්ටමේ ඇදුම - දිවා කාලයේ රෝග ලක්ෂණ නැති නමුත් රාත්‍රියේ අපහසුකාරී කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුව තද ගතිය විශාල ප්‍රමාණයක් රෝගීන්ගේ රෝග ලක්ෂණ කාලයෙන් කාලයට ඇති වන අතර ඒ අතර සාමාන්‍ය දින පවතී. ඇදුම වැඩිවන හා අඩුවන කරුණු රෝගීන්ට හදුනාගත හැක.

මධ්‍යම මට්ටමේ ඇදුම - හතිය හා කැස්ස ඇති වන අවස්ථාවන් රෝග ලක්ෂණ උත්සන්න වනුයේ රැයේදී හා හිමිදිරි පාන්දරය. හුස්ම ගැනීමේ අපහසුතාව, පපුව තද ගතිය පාසල් කටයුතුවලට හා එදිනෙදා ජීවිතයේ කටයුතුවලට රෝග ලක්ෂණ බාධා කිරීම.

තීව්‍ර ඇදුම - හතිය, පපුව තද වීම, හුස්ම ගැනීමේ දැඩි අපහසුතාව, කථා කිරීමේ අපහසුකම, තොල්, නිය අළු පාට හෝ නිල් පාට විම, හුස්ම ගැනීමත් සමග පපුව / පර්ශු ඇතුලට ඇදී යාම.

පහල මට්ටමේ ඇදුම ඇති අයට පවා නිසියාකාරව පාලනය නොකළ හොත් ජීවිත තර්ජන ඇති කළ හැකි තද හතිය අවස්ථා ඇති විය හැකි බව දත යුතුය.

5. ඇදුම රෝගය විනිශ්චය කරනුයේ කෙසේද?
  • ආවේණික රෝග ලක්ෂණ හෝ පහසුවෙන්ම වෛද්‍යවරයෙකු මගිනි.
  • තහවුරු කරනුයේ "පිත් ප්ලේන් මීටර්"
6. ඇදුම සදහා ප්‍රතිකාර මොනවාද?

ආනනකය (ඉන්හේලර්)

  1. සහනදායී ඉනක්හේලර් - මෙය ගනු ලබන්නේ අවශ්‍යතාවය මත රෝග ලක්ෂණවලින් මිදීමටය. මෙම ඖෂධ ශ්වසන මාර්ගය පුළුල් කරයි. උදා : සැල්බියුටමෝල් ටබියුටලින්.
  2. වළකන ඉන්හේලරය - මෙය සෑම දිනකම ගැනීම මගින් රෝග ලක්ෂණ මතුවීම වළකයි. මේවා ස්ටිරොයිඩ්ස්ය. මෙහි ක්‍රියාකාරිත්වය ගැනීමට දින 7 - 14 ක් පමණ අවශ්‍යය. උපරිම ඵලදායිතාවට සති 6ක් පමණ ගත වේ. ඔබ එය දිනපතා පාවිච්චි කළහොත් රෝග ලක්ෂණ නැවත පැමිණීම වළකා ගත හැක.
  3. දිගු කාලීන ශව්‍යය මාර්ගය පුළුල් කරන ඉන්හේලර් - නිවාරණ ඉන්හේලර් මගින් රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාලනය කල නොහැකි විට එයට අමතරව මෙය භාවිතා කළ හැක. උදා - සැල්මෙටිරෝල්, පොමෙට්රෝල්

අවකාශ උපකරණ ඉන්හේලර් සමග භාවිතය කරනුයේ සමහර වැඩිහිටි අයගේ වන අතර ඔවුන්ගේ සමායෝජනය දුර්වල නිසාය. මුහුණ වැස්ම සමහර වර්ගවල අවකාශ උත්පේරක සමග ඉපියාව (මුව කඩා) වෙනුවට සවි කළ හැක.

සාමාන්‍යයෙන් ඉන්හේලර් නෝටිනෝස්ටිරොයිඩ් සමග සම්බන්ධය.

පෙති

පෙති නිර්දේශ කරනුයේ ඉන්හේලර් වලින් රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම සහනයක් නොවේ නම් පමණි. කුඩා දරුවන් සදහා පෙති වෙනුවට පැණි ලබා දිය හැක.

ස්ටිරොයිඩ් පෙති

තීව්‍ර හෝ දිගු කාලයක් ඇති ඇදුම සදහා කෙටි කාලයක් සදහා ස්ටිරොයිඩ් පෙති ශ්වාසනාලයේ ප්‍රදාහය අඩු කරයි.

සමහර පුද්ගලයන් ස්ටිරොයිඩ් පෙති ගැනීමට සතුටු නැත. කෙසේ නමුත් කෙටි කාලයක් සදහා ස්ටිරොයිඩ් පෙති ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන අතර ඇදුම ඉතා හොදින් පාලනය වේ. ස්ටිරොයිඩ් පෙතිවල අතුරු ආබාධවලින් වැඩි හරියක්ම ඇති වනුයේ දීර්ග කාලයක් ගැනීමෙන් හෝ නිතරම ඉහල මාත්‍රාවලින් කෙටි කාල වලට පෙති ලබාගැනීම මගිනි.

7. දර්ශනය (නියම) ප්‍රතිකාර සැලැස්ම කුමක්ද?

කාලයත් සමග ඔබ ඔබේ වෛද්‍යවරයා සමග "ඇදුම ක්‍රියාකාරකම් සැලැස්ම”කට එකග වේ. මෙහි තේරුම නම් ඔබ ඔබගේ රෝග ලක්ෂණ අනූව ප්‍රතිකාරවල සුළු සුළු වෙනස්කම් කර ගනී.

මාස 3ට ඇදුම පාලනය වී ස්ථාවර වී ඇත්නම් "ප්‍රතිකාර අඩු කිරීමේ ක්‍රියාවලිය" යොදනු ලැබේ. මෙමගින් නාසයෙන් උරනු ලබන ස්ටිරොයිඩ් මාත්‍රාව හා වාර ගණන අඩු කළ හැකි. මෙය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි. රෝග ලක්ෂණ පාලනය වී වසර 2ක් වත් යන තුරු උණ බෙහෙත් දිගටම ලබා ගත යුතුය. මෙයට හේතුව නම්, ඇදුම ඇති ශව්‍ය නාල රෝග ලක්ෂණ රෝග ලක්ෂණ නැතිවද තවත් නාලයක්ම සංවේදීව පවතී.

8. ඇදුම නැතිවනවාද?

සම්පූර්ණ සුව වීමක් එකවරම නැත. කෙසේ නමුත් කුඩා කාලයේ ඇදුම වැළදෙන ළමුන් ඔවුන් වර්ධනය වීමත් සමගම එය නැතිවේ. කෙසේ නමුත් එය නිට්ටාවටම සුව කල නොහැකි වුවත් ප්‍රතිකාර කළ හැක.

ඇදුම සමග හවුල් තත්ත්වයන්

  1. ආසාත්මික ප්‍රාදාහය (රයිනයිටිස්) කිවිසුම් යාම, ඇස් කැසීම, හොටු දියර ගැලීම ආසාත්මික ප්‍රාදාහය අනුමාන කිරීමට හේතුවේ. ඇදුම රෝගීන්ගෙන් වැඩි දෙනෙකුට ආසාත්මික ප්‍රාදාහය ඇත. මෙම තත්ත්වය වෙනම ප්‍රතිකාර කළ යුතුය.
  2. එක්සීමා (දදය) සමෙහි ඇති කැසීම ඇති දදය දියරමය ස්‍රාවයන් ඇතිව හෝ නැතිව.
9. ඇදුම රෝගයෙන් වැලකෙනුයේ කෙසේද?

ඇදුම රෝගයේ ප්‍රේරණ මගහැරීම මගින් ඇදුම රෝගය වලක්වා ගත හැක. සක්‍රිය හා අක්‍රිය දුම්බීම මග හැරීම මගින් රෝගියාට හා පවුලේ ඇදුම ඇති සාමාජිකයන්ට ඇදුම රෝගයෙන් වැලකීමට උදව් වේ.

කෙසේ නමුත් ඔබ මගනොහැරිය යුතු ප්‍රෙරණයක් වනුයේ කායික ක්‍රියාකාරකම්ය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත් කොටසක් වනුයේ කායික ක්‍රියාකාරකම්ය. ඔබට ක්‍රියාකාරීව සිටීමට උදව් වන ඖෂධ පිළිබදව ඔබගේ වෛද්‍යවරයා සමග කථා කරන්න.

වෛද්‍යවරයා නිර්දේශිත අයුරින්ම ඖෂධ භාවිතා කරන්න. ඔබගේ ඇදුම රෝගය ගැන හා එය පාලනය කරන අයුරු ඉගෙන ගන්න.

ඔබගේ ඇදුම රෝග ලක්ෂණ හා එහි පාලනය නිරතුරුව පරීක්ෂා කර ගන්න.

10. මී උණ යනු කුමක්ද?

“ස්පයිරෝකිට්” බැක්ටීරියාව මගින් ආසාධනය වන රෝගයකි. මෙය මීයන්, කාන්නකයන්, බල්ලන්, ඌරන් වැනි බොහෝ සතුන්ගෙන් සම්ප්‍රේෂණය විය හැක. මිනිසුන්ට රෝගය වැළදෙනුයේ ආසාධිත ආහාර අනුභවය, ආසාධිත ජලය පානය මගින් හෝ ආසාධිත සතුන්ගේ මූත්‍රා මගින් අපවිතු වූ ජලය හෝ පස් සම නිරාවරණය වූ තැන්වලින් හෝ ශ්ලේෂ්මල පටලවලින් සිරුරට ඇතුල් වීමෙනි.