Tamil English (United Kingdom)
සුවසැරිය(Health Net)
ඔබ මෙතනයි : මුල් පිටුව වියාචනය

වියාචනය

සුවසැරිය වෙබ් අඩවිය, එහි සඳහන් තොරතුරු සහ ඇමතුම් මධ්‍යස්ථානයෙන් (චැට්, විද්යුත් තැපෑල මාර්ගගත සංවාද මණ්ඩපය, ස්කයිප්, කෙටි පණිවුඩ ආදී මාර්ග වලින්) ලබාදෙන සේවාවන් සියල්ල සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම වෙනුවෙන් පමණි.

මෙම වෙබ් අඩවියේ, එහි අඩංගු තොරතුරු වල හෝ වෙබ් අඩවියෙන් සහ ඇමතුම් මධ්‍යස්ථානයෙන් (චැටි. විද්යුත් තැපෑල, සංවාද මණ්ඩප, ස්කයිප්, කෙටි පණිවුඩ ආදිය හරහා ) ලබාදෙන ප්‍රතිචාර කිසිවක් තොරතුරු ලබාගන්නා පුද්ගලයා සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අතර බැදීමක් ලෙස නොසැලකෙන අතර එය යම් කිසි ගැටළුවක් සඳහා ලබාදෙන යම් උපදේශයක් ලෙස පමණක් සැලකිය යුතුය.

මෙම වෙබ් අඩවිය භාවිතා කරන කිසිම පුද්ගලයෙකු මෙහි අඩංගු කරුණු හෝ ප්‍රතිචාර සහ ඇමතුම් මධයස්ථානයෙන් (චැටි. විද්යුත් තැපෑල, සංවාද මණ්ඩප, ස්කයිප්, කෙටි පණිවුඩ ආදිය හරහා) ලබාදෙන ප්‍රතිචාර මත පමණක් පදනම් වී, යම් කිසි තත්වයක් සඳහා වෛද්‍ය, නෛතික හෝ වෙනත් වෘත්තිය මාර්ගෝපදේශනයන් ලබාගැනීමෙන් වැලකිය යුතු නොවේ.

එසේම, ඔබ යම් කිසි රෝගී තත්වයකින් පෙළෙන්නේ නම් වහාම නිසි වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.  මෙම වෙබ් අඩවියේ සඳහන් තොරතුරු, ප්‍රතිචාර සහ ඇමතුම් මධ්‍යස්ථානයෙන්  ලබාදෙන ප්‍රතිචාර අරමුණු කරගෙන වෛද්‍ය උපදෙස් පැතිම ප්‍රමාද කිරීම, වෛද්‍ය උපදෙස් නොසලකා හැරීම සහ දැනට ගන්නා වෛද්‍ය ප්‍රතිකාර අත්හිටුවීම කිසිවිටකත් නොකළ යුතුය.

 





අප අමතන්න